Saturday, April 20, 2024

General line - 0115112241

උතුරු පළාත් සභාවේ අවසන් රැස්වීම අද

හේමන්ත කහවලගේ




උතුරු පළාත් සභාවේ අවසන් රැස්වීම අද (23) පැවැත්වෙනවා. එම පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ හෙට (24) මධ්‍යම රාති‍්‍රයේයි. 

ඒ සම්බන්ධයෙන් වන පනත් 03ක් අද උතුරු පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

උතුරු පළාත් සභාවේ මුළු මන්තී‍්‍ර සංඛ්‍යාව 38ක්. එහි ප‍්‍රථම සැසිය 2013 වසරේ සැප්තැම්බර් 23වැනිදා ආරම්භ වුණා. හෙට මධ්‍යම රාති‍්‍රයෙන් නිල කාලය අවසන්වීමෙන් පසු නැවත මැතිවරණයක් පවත්වා සභිකයින් තෝරාපත් කර ගන්නා තෙක්  එහි සියලූ බලතල ආණ්ඩුකාරවරයාට පැවරෙනු ඇති.

උතුරු මැද, ඌව, සබරගමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත් සභාවල ද නිල කාලය මේවනවිට අවසන් වී තිබෙනවා.