Saturday, April 20, 2024

General line - 0115112241

දූෂණ සහ වංචා කැපී පෙනෙන ලෙස අවම කිරීමට ශ්‍රී ලංකාව තවමත් අසමත් ලු



දූෂණ සහ වංචා කැපී පෙනෙන ලෙස අවම කිරීමට ශී‍්‍ර ලංකාව තවමත් අසමත් වී ඇතැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනි ශෂි ද මෙල් පෙන්වා දුන්නේ දූෂණ සහ වංචා පිළිබඳ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශී‍්‍ර ලංකාව තවමත් පහල ස්ථානයක සිටින බවයි.

ඊයේ (22) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ඇය මෙම කරුණු ප‍්‍රකාශ කළා.

දූෂණ සහ වංචා අවම කිරීමට නම් සිදුවිය යුතු වෙනස්කම් පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් ද මීට එක්ව සිටියා.

ඊයේ රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.