Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන අවසන් අවස්ථාව අද

කසුන් කැළුම්




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග පහකින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ 05වන සහ අවසන් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද (23) පැවැත්වෙනවා. දිවා රාතී‍්‍ර තරගයක් වන මෙය ආරම්භ වන්නේ පස්වරු 02.30ටයි.

මේ වනවිට 3 ට 0 ක් ලෙස තරගාවලිය ජයගැනීමට එංගලන්තය සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් සිය ගෞරවය රැකගැනීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමට අද තරගය ඉතා වැදගත්.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගය පැවැත්වෙන කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී මේ දක්වා එක්දින තරග 107කට කී‍්‍රඩා කර තිබෙනවා. ඉන් ශී‍්‍ර ලංකාව තරග 65ක් ජය ගෙන ඇති අතර තරග 35ක් පරාජයට පත්වුණා. එංගලන්ත කණ්ඩායම කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී එක්දින තරග 11 කට සහභාගී වී තිබෙනවා. ඒවායින් ඔවුන් ජයගෙන ඇත්තේ තරග 02ක් පමණයි. 

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා මෙම කී‍්‍රඩාංගනයේ පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 09ක්. ඉන් තරග 08කම ජය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

මේ අතර මෙම වසරේ ගතවූ කාලයේදී කිසිඳු ශී‍්‍ර ලංකා පිතිකරුවෙකු එක්දින ශතකයක් වාර්තා කිරීමට මෙතෙක් සමත්කම් දක්වා නැහැ. අවසන් වරට ශී‍්‍ර ලංකා වෙනුවෙන් එක්දින ශතකයක් වාර්තා කළේ ඇන්ජලෝ මැතිව්ස්. ඒ, ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදීයි.