Thursday, April 18, 2024

General line - 0115112241

හැටන් ශී‍්‍රපාද විද්‍යා පීඨයේ ආහාර විෂ වූ සිසුන් ගණන 70 ක් දක්වා ඉහළට




ආහාර විෂවීම හේතුවෙන් රෝහල්ගත කළ හැටන් ශී‍්‍ර පාද විද්‍යාපීඨයේ සිසු සිසුවියන් ගණන 70 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 58 දෙනෙකුම සිසුවියන්. ඔවුන්ට මෙලෙස විෂ වී තිබුණේ කුකුළු මස් ව්‍යාංජනයක් සමග ඊයේ (22) ගත් ආහාරයක්.

ආහාර විෂ වූ සියළු දෙනා කොටගල ප‍්‍රාදේශීය රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්. ගනේෂ් කියාසිටියා.

...............................................................

රෑ කාපු කෑමෙන් පසු සිසු සිසුවියන් 60ක් රෝහලේ

(23-10-2018 11:09)

හැටන් ශ්‍රී පාද විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 60 දෙනෙකු පමණ ආහාර විෂ විමක් හේතුවෙන් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය සවිත්‍රි ශර්මා පැවසුවා.

ඊයේ (22) කුකුල් මස් ව්‍යංජනයක් සමග බත් ආහාරයට ගත් බවත් අද (23) උදැසන සිට එම සිසුන්ට පාචනය, ක්ලාන්තය සහ වමනය යන රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර තිබෙනවා.

රෝහල් ගත කළ සිසුන් අතර සිසුවියන් 48 දෙනෙකු සහ සිසුන් 12 දෙනෙකු සිටන බවයි වාර්තා වෙන්නේ.

එම විද්‍යා පීඨයේ තවත් සිසුන් පිරිසකටද මේ වන විටද එම රෝග ලක්ෂණ පහළ වෙමින් ඇති බවත් වාර්තා වුණා.