Thursday, April 25, 2024

General line - 0115112241

එජාපයේ සංවිධායකවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මතගැටුමක

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්‍ෂයේ මීගමුව සංවිධායක රොයිස් ප‍්‍රනාන්දු සහ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන අතර මතගැටුමක් හටගෙන තිබෙනවා.

ඒ, මීගමුවේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින්.

කාවින්ද ජයවර්ධන මන්තී‍්‍රවරයා පවසන්නේ තම මන්තී‍්‍ර ප‍්‍රතිපාදනවලින් සිදුකළ මෙම සංවර්ධන ව්‍යාපෘති රොයිස් ප‍්‍රනාන්දු විසින් විවෘත කරනු ලැබ ඇති බවයි. 

මෙම චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ මීගමුව සංවිධායක රොයිස් ප‍්‍රනාන්දුගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "මම විවෘත කිරීමක් කළා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වෙන් කරපු මුදලක් ඒක. ඒකෙන් නිම කරපු කොච්චිකඩේ පාර.. මගේ මන්ත්‍රිවරයෙකුගේ අධීක්ෂණය යටතේ ඒක සිදු වුණේ. එතුමගේ ආරාධනයෙන් මම ඒ විවෘත කිරීමට සහභාගී වුණා. ඒක ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ ප්‍රතිපාදනවලින් හෝ විමධ්‍යගත මුදල්වලින් නෙමෙයි ඒක වුණේ " යනුවෙනි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව දැනුවත් කරන බවයි මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන නෙත් නිවුස් වෙත කියාසිටියේ.