Friday, April 19, 2024

General line - 0115112241

අත්පති‍්‍රකා බෙදා හැරීමේ සිද්ධිය ගැන ආරක්‍ෂක අංශ පරීක්‍ෂණ ආරඹයි

දිනසේන රතුගමගේ




එල්. ටී. ටී. ඊ. ලාංඡනය සහ ප‍්‍රකාශ ඇතුළත් කර අත්පති‍්‍රකා බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ ආරක්‍ෂක අංශ පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

ඉකුත් ඉරිදා පස්වරුවේ සිට යාපනයේ බොහෝ ස්ථානවලින් මෙම අත්පති‍්‍රකා හමුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඒවායෙහි දැක්වෙන්නේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් නායකත්වය දරණ දෙමළ මහජන සභාවේ හෙට (24) පැවැත්වෙන රැස්වීමක් සම්බන්ධයෙන්.

කෙසේවෙතත් මෙම අත්පති‍්‍රකා බෙදා හැරියේ කවුරුන් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. 

මෙම සිද්ධිය වාර්තා වුණේ සී. වී. විග්නේෂ්වරන් ප‍්‍රධාන අමාත්‍ය ධුරය දරණ උතුරු පළාත් සභාවේ ධුර කාලය හෙට මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්වීමට නියමිතව තිබියදීවීම විශේෂත්වයක්. උතුරු පළාත් සභාවේ අවසන් සැසි වාරයද අද උදෑසන ආරම්භ වුණා. ඒ, උතුරු පළාත් සභාවේ සභාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්.