Tuesday, August 20, 2019
Hotline - 0770586666

හලාවත ප‍්‍රාදේශීය සභාවේ සියළු මන්තී‍්‍රවරුන් එකතු වී පාරමීට දුන් ත්‍යාගය

ජූඩ් සමන්ත

11835Views

 

 

 

තමන්ට ලැබුණු රුපියල් තුන්දහසක ඔක්තෝම්බර් ඉන්ධන දීමනාව, යොවුන් ඔලිම්පික් ලෝකඩ පදක්කම් ශූරී පාරමි වසන්ති මාරිෂ්ටෙලා කී‍්‍රඩිකාවට ලබාදීමට හලාවත ප‍්‍රාදේශීය සභාවේ සියළු මන්තී‍්‍රවරුන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මන්තී‍්‍රවරුන් 31 දෙනාම තම මාසික ඉන්ධන දිමනාව ඇය වෙත ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මීට අමතරව පාරමී කී‍්‍රඩිකාව පදිංචිව සිටින හලාවත, අඹකදවිල නිවසට යන මාර්ගය කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කරදීමටත් මාසික සභා රැස්වීමේදී එකගතාවකට පැමිණ තිබෙනවා.

මේ අතර යොවුන් ඔලිම්පික් ලෝකඩ පදක්කම් ශූරී පාරමි වසන්ති මාරිෂ්ටෙලා කී‍්‍රඩිකාව වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් කුලියාපිටියේදී සංවිධාන කර තිබුණා. ඒ, ඇය අධ්‍යාපනය හදාරන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට පැමිණි අවස්ථාවේදීයි.