Friday, April 26, 2024

General line - 0115112241

අයවැය සමයේ එජාප මන්තී‍්‍රවරුන්ට මැතිසබය අනිවාර්ය කෙරේ

පසන් වික්‍රමතිලක




එළඹෙන අයවැය විවාදය පැවැත්වෙන සමයේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගි වන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂයේ සියළු මන්තී‍්‍රවරුන්ට දැනුම්දීමක් කර තිබෙනවා. ඒ, එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමේදීයි. එහිදී අයවැය විවාදය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියාසිටියේ.

අගමැතිවරයා තරයේ අවවාද කළා සියලුම මන්ත්‍රිවරුන්ට තමන්ගේ උත්සව ඇතුළු සියලු දේ නතර කරලා අයවැය විවාදයන්ට සහභාගිවෙන්න කියලා. ඒ වගේම තමයි මෙවර අයවැය ජයග්‍රහණය කරන්න අපිට හැකියාව තියෙනවා කියලා නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කඩිනමින් රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් පිළිබදවද මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා. එමෙන්ම මේ සතියේ පාර්ලිමේන්තු කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුවූ බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.