Friday, March 29, 2024

General line - 0115112241

වාසුගේ සැකේ හරිලු




කොළඹ හිල්ටන් හෝටලය සහ කොළඹ ග‍්‍රෑන්ඞ් හයට් හෝටල් සංකීර්ණය ආයෝජකයෙකුට පැවරීමේ ගණුදෙනුව පිළිබද තමා පළ කළ සැකය දැන් තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත ලිපියක් යොමු කරමින්. වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා ඊට පාදක කර තිබුණේ අදාළ සංවර්ධන ව්‍යාපෘති සදහා ආයෝජකයින්ගේ කැමැත්ත විමසීමේ පුවත්පත් නිවේදනයක්. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් මන්තී‍්‍රවරයාගෙන් විමසීමක් කළා.

ඉකුත් 18 වනදා ප‍්‍රසිද්ධ කර තිබූ පුවත්පත් නිවේදනයට අනුව  ආයෝජකයින්ගේ ස්ථාවරය ප‍්‍රකාශ කිරීමට කල් ලබාදී ඇත්තේ මේ මස 31 වනදා දක්වා පමණක් බවයි මන්තී‍්‍රවරයා කියාසිටියේ. එවැනි කෙටි කාලයක් තුළ ප‍්‍රධාන පෙළේ සමාගම්වලට සිය ආයෝජන පිළිබද තීරණ ගත හැකි දැයි වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා ප‍්‍රශ්න කරනවා. 


කෙසේවෙතත් හිල්ටන් සහ හයිට් ව්‍යාපාර ආයෝජන පිළිබද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ මෙම විකුණුම් කි‍්‍රයාවලිය සදහා සහභාගිවීමට අපේක්‍ෂා කෙරෙන ආයෝජකයින්ගේ සුදුසුකම් පිළිබද පසුබිම් තොරතුරු පමණක් සරළ ආකෘති පත‍්‍රයක් මගින් ලබාගැනීම සිදුකරන බවයි. එය සම්පූර්ණ කිරීමට ආයෝජකයින්ට තවදුරටත් කාලය අවශ්‍ය වන්නේ නම් ඊට අවස්ථාව සලසා දිය හැකි බවද මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවක අධීක්‍ෂණය යටතේ මිළ ගණන් කැදවීමේ කටයුතු සිදුකරන අතර ආයෝජකයින්ට මූල්‍ය ලංසු සහ කොන්දේසි ඉදිරිපත් කිරීම සදහා මාස ගණනාවක් පුරා ප‍්‍රමාණවත් කාලසීමාවක් ලැබෙනු ඇති බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.