Saturday, April 20, 2024

General line - 0115112241

2018 ලෝක ආයෝජන සමුළුවේදී ශ්‍රී ලංකාව දෙසට ආයෝජකයින්ගේ අවධානය යොමු වෙයි




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරාධනාව මත ශ්‍රිලංකා-යුරෝපා ව්‍යාපාර කවුන්ලසියේ සභාපති මොහාන් පෙරේරා සහ එහි ලේකම් ගිහානි වීරසිංහ 2018 ලෝක ආයෝජන සමුළුවට සහභාගිවීම සදහා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් සිටිනවා. මෙම සමුළුව ඔක්තෝම්බර් 23 වෙනිදා සිට 26 වෙනිදා දක්වා පැවැත්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී.

 මෙයට සහභාගී වීමට ශ්‍රි ලංකා පර්ලිමේන්තු කණ්ඩායමක්ද එරට ආරාධනය මත ස්විට්සර්ලන්තයට ගොස් ඇත.තිබෙනවා.

ශ්‍රි ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් සම්බන්ධයෙන් ආයෝජන සමුළුවට සහභාගිවී සිටි ආයෝජකයින් දැනුවත් කිරීමට මෙහිදී මොහාන් පෙරේරා කටයුතු කර තිබෙනවා.

නිවාස, පුනර්ජනනීය බලශක්ති, මූල්‍ය අංශ, යටිතල පහසුකම් ව්‍යාපෘති, කර්මාන්ත අංශයන්, තොරතුරු තාක්ෂණ සහ ශ්‍රිලංකා යුරෝපා සංගමය අතර නිදහස් වෙලද ගිවිසුම් පිලිබදවද ආයෝජකයින් සමග සාකච්ඡා කර ඇත.

තවද බ්ලොක් චෙන්, ක්‍රිප්ටෝ කරන්සි ව්‍යාපෘතියන් දෙකක් මෙරට ආරම්භ කිරීමට මෙම සමුළුවේදී විදේශ ආයෝජකයින් එකඟතාවය පළකර ඇත.