Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිතිකරුවන් කලකට පසු සුපුරුදු රිද්මයට : එංගලන්තයට 367 ක ඉලක්කයක්

දිනුක් හේවාවිතාරණ




එක්දින ක‍්‍රිකට් තරගයේදී යළි සිය පිතිකරණ දක්ෂතා අතරට එක්වීමට ශ‍්‍රී ලංකා පිතිකරුවන් සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලූ 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 366ක්. 

නිරෝෂන් දික්වැල්ල ලකුණු 95ක් රැස් කළ අතර නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් රැස් කළා. පසුගිය තරග කිහිපයේදීම අසාර්ථ වූ කුසල් මෙන්ඩිස් පන්දු 33කදී ලකුණු 56ක් රැස් කළා. ඒ, හයේ පහර 06ක් ද සමඟයි. සධීර සමරවික‍්‍රම ලකුණු 54යි. පන්දු යැවීමේ මොයින් අලී ලකුණු 57කට කඩුලූ 02යි. 

ශ‍්‍රී ලංකව මෙම තරගයේ දී රැස් කළ ලකුණු 366 එක්දින තරගයකදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි. 

.........................................................

දික්වැල්ල ශතකය පෙනි පෙනී දැවී යයි

(23-10-2018 17:05)

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ දැන් පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින ක‍්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමේ අවස්ථාව ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී ගියා. මොයින් අලීගේ පන්දුවක් හමුවේ දැවී යනවිට දික්වැල්ල ලබා සිටි ලකුණු සංඛ්‍යාව 95ක්. 

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරුවා වූ සධීර සමරවික‍්‍රම දැවී ගියේ ලකුණු 54කටයි. මීට නොබෝ වේලාවකට පෙර ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ පන්දුවාර 35ක් අවසානයේ කඩුලූ 02කට ලකුණු 230ක් ලෙසයි. නායක දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. 

 

...........................................................

ශ්‍රී ලංකාවෙන් හොද ආරම්හයක් : වසර 19 කට පසු එංගලන්ත සොහොයුරන් එක්දින තරගයකට 

(23-10-2018 15:05)

එංගලන්තය සමග පැවැත්වෙන 5 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. මේ වන විට ඕවර් 8 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 65ක් ලබාගෙන  තිබෙනවා.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගයට එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට සෑම් හා ටොම් කරන් කැඳවා තිබෙනවා. 1999 වසරෙන් පසු එංගලන්ත එක්දින කණ්ඩායමක් නියෝජනය කරමින් සොහොයුරන් දෙපළක් ක්‍රීඩා කරන පළමු අවස්තාව මෙය වනවා.