Saturday, April 20, 2024

General line - 0115112241

ලොව පැරණිතම නෞකාව කළු මුහුදෙන් හමුවෙයි

දිනුක් හේවාවිතාරණ




වසර 2400 කට වඩා පැරණි ග්‍රීක වෙළද නෞකාවක් බල්ගේරියාවේ කලු මුහුදේ ගිලි තිබියදී සොයා ගැනීමට හැකිවී තිබෙනවා. මෙම නෞකාව ලොව මෙතෙක් සොයා ගනු ලැබූ පැරණිතම නෞකාව ලෙස හදුන්වන බවයි ගවේශකයින් සදහන් කරන්නේ.

දිගින් අඩි 75ක් පමණ වන මෙම නෞකාව තුල තිබී පුරාණ ග්‍රීක වයින් බඳුන් පවා තිබි හමුවී ඇති බවයි ගවේශකයින් සදහන් කරන්නේ. එමෙන්ම මෙම නෞකාවේ අත්වාරු, ඔරු පැදීමේ බංකු ආදියද එලෙසින්ම තිබී ඇති අතර ගවේශකයින් සදහන් කරන්නේ එය මුහුද යට තිබෙන වෙනත්ම ලෝකයක් හා සමාන බවයි.

මෙම නෞකාව සොයා ගැනීම සදහා ගවේශකයින් දුරස්ථ පාළක රෝබෝවක් යොදා ගනු ලැබුවා. මෙම නෞකාව මීටර් 2000ක් සමග ගැඹුරු මුහුදු පත්ලේ තිබෙන බවයි ගවේශකයින් සදහන් කරන්නේ. 

" මෙම නෞකාවට මුහුදු පත්ලේ තිබුනත් කිසිදු හානියක් සිදුව නැහැ. එයට හේතුව එම නෞකාව තිබෙන මුහුදු ජලයේ ඔක්සිජන් නොමැතිකම එක් හේතුවක්. එමෙන්ම නුතන කිමිදුම්කරුවන්ට ලඟා විය නොහැකි සීමාවක මෙය පවතින නිසා එය සුරක්ෂිතව තිබෙනවා. මෙම නෞකාව ක්‍රිස්තු පුර්ව 400 සීමාවට ආසන්න බවයි" එහි ගවේශකයින් සදහන් කරන්නේ.