Thursday, April 25, 2024

General line - 0115112241

වීර දුටු ගැමුණු නමින් සංවිධානයක්: හිටපු ඇමති මර්වින් ජනාධිපතිවරණයට තරග කරන්න සුදානම්




ඉදිරියේදී තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ප්‍රකාශ කර සිටියා. ඒ අනුරාධපුරයේ දී වීර දුටු ගැමුණු සංවිධානය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින්.

මෙම උත්සවය සදහා භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ විශාල පිරිසක් එක්ව සිටියා.

"ඩි.එස්.සේනානායක මහතාගේ පක්ෂයෙන් ඉවත් වෙද්දී බණ්ඩාරනායක මහත්තයා මුලින් පක්ෂයක් හදන්න හිතුවේ නැහැ. මමත් ඒ වගේ තමයි. මේ රට ගොඩ නගපු වීර දුටු ගැමුණු රජුගේ නමින් මම මේ පක්ෂය හැදුවේ" උත්සවයෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ඇමතිවරයා කියා සිටියා.

ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධයන් වෙනුවෙන් ජනාධිපතිධුරය සදහා තරග කරන්න මම බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරණය ජයගෙන රටේ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන මම ඉදිරියේදී ඔබලා හමුවේ කියන්න බලාපොරොත්තු වෙනවා හිටපු ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.