Thursday, April 18, 2024

General line - 0115112241

කැබිනට් රැස්වීමේදී පාඨලී ගෙනා යෝජනාව ජනපති අනුමත කරයි

හේමන්ත කහවලගේ




ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්ව ඇති, ශ‍්‍රී ලංකාව ද සම අනුග‍්‍රාහකත්වය දරණ යෝජනාව ඉවත් කර ගත යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.

කැබිනට් මණ්ඩලය ඊයේ (23) රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

සත්‍ය හා ප‍්‍රතිසංධානය සඳහා කොමිසමක් පිහිටුවීමට අග‍්‍රාමාත්‍යවරයා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ද දේශපාලන ආරංචි පවසනවා.

ලබන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාව මානව හිමිකම් කොමිසම හමුවට ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් විය යුතු බවයි අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත්තේ. ඒ පිළිබඳ මිත‍්‍ර රටවල් රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් දැනුවත් කළ යුතු බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. 

අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ මෙම යෝජනාව ජනාධිපතිවරයාද අනුමත කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.