Saturday, April 20, 2024

General line - 0115112241

මහ වැසි සමග ජලාශ කිහිපයක වාන් දොරටු අරියි

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




මහවැසි සමග වික්ටෝරියා සහ රන්දෙණිගල යන ජලාශවල ජල මට්ටම වාන් මට්ටමට ළඟා වී තිබෙනවා.

අද දිනය තුළත් මහ වැසි ඇද හැළුණහොත් රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවෙනු ඇති බවයි වාරිමාර්ග ඉංජිනේරුවන් පවසන්නේ.

තවද පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 06ක්, දැදුරු ඔයේ වාන් දොරටු 04ක්, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04ක්, කුකුලේ ගග වාන් දොරටු 01ක්, අංගමුව ජලාශයේ වාන් දොරටු 01ක් ද ආදී වශයෙන් මේ වන විට විවෘත කර ඇති බවයි දැනුම් දෙන්නේ.

මේ අතර ශ‍්‍රී ලංකාවේ නිරිත දිග කොටස්වලට අදත් වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බොහෝ ප‍්‍රදේශවලට වැසි අපේක්ෂා කෙරෙන්නේ පස්වරු 2.00න් පසුවයි. බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100ට වැඩි තද වැසිද අපේක්ෂා කෙරෙනවා.