Friday, April 19, 2024

General line - 0115112241

සැමියා ඝාතනය කර බිරිඳව කඩුවෙන් කපා තවත් කාන්තාවක් දූෂණය කළ සැකකරු කොටු




පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට කඩුවකින් පහරදී ඝාතනය කර කාන්තාවකටද කඩුවකින් පහරදී තුවාල සිදු කර තවත් කාන්තාවක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 65ක් වූ දයාරත්න නම් අයෙක් වන අතර තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳයි. 

බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ (23) දහවල් මෙම සිද්ධිය ඇති වී තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු වයස අවුරුදු 23ක් වූ පුද්ගලයෙකු වන අතර ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

සැකකරු දූෂණයට ලක්කර ඇත්තේ ඝාතනයට ලක් වූ දයාරත්න නම් පුද්ගලයාගේ පවුලේ කෙනෙක් නොවන අතර වෙනත් කාන්තාවක්ව බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ අතර අද (24) අලුයම වීරකැටියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වීරකැටිය මකුලදෙනිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහරදී වෙඩි තබා මෙලෙස ඝාතනය කර තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 39ක්වූ හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි වන්නිආරච්චිගේ රුවන් නාලක නම් අයෙක්.

මෙම ඝාතනය පැරණි ආරවුලක් මත සිදු වූවක් බවටයි සැක කෙරෙන්නේ. ඝාතනය සිදු කළ එක් සැකකරුවෙකු පළා ගොස් ඇති අතර අනෙක් සැකකරුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

(මකුගදෙනියේ සිද්ධියට අදාළ ඡායාරූප පහතින් දැක්වෙයි)