Saturday, April 20, 2024

General line - 0115112241

විදුලි රැහැනක් මතට පතිත වූ අකුණු සැරකින් කාන්තාවන් 5ක් රෝහලේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




අකුණුසැර හේතුවෙන් කම්පනයට පත් වූ වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. බගවන්තලාව, මොරා තේ වත්තේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පස් දෙනෙකු එලෙස රෝහල්ගත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම වතුයායේ ඇති විදුලි රැහැනක් මතට පතිත වූ අකුණු සැරකින් එම කාන්තාවන් කම්පනයට පත්ව ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.