Friday, April 19, 2024

General line - 0115112241

අඩුම එක්දින ඉනිම සංඛ්‍යාවකින් ලකුණු දස දහසේ සීමාව පසු කළ කී‍්‍රඩකයා

සමන්ත කුමාර




අඩුම එක්දින ඉනිම සංඛ්‍යාවකින් ලකුණු දස දහසේ සීමාව පසු කළ කී‍්‍රඩකයා ලෙස ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි අද (24) වාර්තා අතරට එක් වුණා. ඒ, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගයේදීයි.  මෙම තරගයේදී විරාත් කෝලි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 157 ක්. මෙය ඔහුගේ 37 වන එක්දින ශතකයයි.

විරාත් කෝලි අද දිනයේ බිඳ දමනු ලැබුවේ අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු දස දහසේ සීමාව පසුකළ කී‍්‍රඩකයා ලෙස සචින් තෙන්ඩුල්කාර් පිහිටුවා තිබූ වාර්තාවයි. තෙන්ඩුල්කාර් ඉනිම 259 කදී එක්දින ලකුණු දස දහස සම්පූර්ණ කර තිබුණා. විරාත් කෝලි එක්දින ලකුණු දස දහස සම්පූර්ණ කළේ ඉනිම 205 කදීයි. අඩුම එක්දින ඉනිම සංඛ්‍යාවකින් ලකුණු දස දහස සම්පූර්ණ කළ කී‍්‍රඩකයන්ගේ ලැයිස්තුවේ තුන්වන ස්ථානය සවුරොව් ගංගුලි හිමිකර ගෙන සිටින අතර හිටපු ඔස්ටේ‍්‍රලියානු නායක රිකී පොන්ටින් එහි සිව් වන ස්ථානය හිමිකර ගෙන සිටිනවා. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන අද තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී රැුස් කළ ලකුණු සංඛ්‍යාව 321 ක්. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කරන කොදෙව් කණ්ඩායම පන්දුවාර 10 ක් නිමා වනවිට කඩුළු 2 ක් දැවී ලකුණු 72 ක් ලබා සිටියා. තරගය පැවැත්වෙන්නේ විශාඛා පට්නම් හිදීයි.