Tuesday, April 23, 2024

General line - 0115112241

පුපුරණ ද්‍රව්‍ය පාර්සල් එවූ අය අල්ලනවාමයි - ට්‍රම්ප් ශපත කරයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ව්‍යාජ ප‍්‍රවෘත්ති හා චෝදනා එල්ල කිරීම නවත්වන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් යළිත් එරට මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදු කළා. ඒ, විස්කොන්සින් ප‍්‍රාන්තයේ රැළියක් අමතමින්.

සී එන් එන් මාධ්‍ය ආයතනයට සහ එරට ඉහළ පෙලේ රාජ්‍ය තාන්ති‍්‍රකයින් කිහිපදෙනෙකු වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් එවා තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් කෙසේ හෝ නීතියේ රැහැනට හසුකර ගන්නා බවයි අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.