Thursday, April 25, 2024

General line - 0115112241

ගිණුම්හිමියන්ගේ දත්ත ආරක්ෂා නොකළාට ෆේස්බුක් සමාගමට කෝටි ගණනක දඩයක්

දිනුක් හේවාවිතාරණ




ක්‍රේම්බ්‍රිජ් ඇනලේටික් දත්ත නිරාවරණය වීමේ සිදුවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් ෆේස්බුක් සමාගමට බ්‍රිතාන්‍ය පවුම් පන් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් සදහන් කරන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය විසින් බරපතළ ලෙස නීති උල්ලංඝණය කර ඇති බවයි.

ඉකුත් මැයි මාසයට පෙර ක්‍රියාත්මකවූ පැරණි නීතියට අනුව නියම කළ හැකි උපරිම දඩ සීමාවට යටත්ව බ්‍රිතාන්‍ය දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් මෙම දඩය නියම කර ඇති බවයි BBC පුවත් සේවය සදහන් කරන්නේ.

බ්‍රිතාන්‍ය තොරතුරු කොමසාරිස් කාර්යාලය සදහන් කරන්නේ 2007 වසරේ සිට 2014 කාල සීමාව තුලදී තුන්වන පාර්ශවයේ මෘදුකාංග නිර්මාණකරුවන්ට ෆේස්බුක් සමාගම විසින් සිය පරිශීලකයින්ගේ දත්ත ලබා දීමට කටයුතු කර ඇති බවයි.

" ඔවුන් තම පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ. අවම වශයෙන් තුන්වන පාර්ශවයේ මෘදුකාංග නිර්මාණකරුවන් කුමක් සිදුකරන්නේද යන්න ගැන පවා ෆේස්බුක් සමාගම පියවර ගෙන නැහැ" බ්‍රිතාන්‍ය තොරතුරු කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.