Saturday, April 20, 2024

General line - 0115112241

ග්‍රීසියට දරුණු භූකම්පනයක්

දිනුක් හේවාවිතාරණ




බටහිර ග්‍රීසියේ අයෝනියන් මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.8 ක අගයකින් යුත් ප්‍රභල භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ සමීක්ෂණ ආයතනය නිවේදනය කරනවා.

මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇති බවයි භූ සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් සදහන් කරන්නේ.

සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගෙන තිබෙන සැක්යන්ටොස් දුපතට ආසන්නයේ මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි ග්‍රීසියේ බලධාරීන් වැඩිදුරටත් සදහන් කරන්නේ.

ඒකක 6.8 ක ප්‍රබල භූමිකම්පාව සිදුවී සුළු මොහොතකට පසු ඒකක 5.2 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් ග්‍රීසියේ සිදුව ඇත.

මෙම භූකම්පන හේතුවෙන් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිළ වාර්තාවක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.