Friday, March 29, 2024

General line - 0115112241

ජාත්‍යන්තරයේ ඉන්ධන මිල පහළට - මිල සූත්‍රයෙන් මිල අඩු වන්නේ කවදාද?

චම්ලි ඒකනායක




ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල පහළ බසිමින් තිබෙනවා. ගතවූ සතියේ WTI වර්ගයේ තෙල් බැරලයක උපරිම මිල වාර්තාවූයේ අමෙරිකානු ඩොලර් 69.71ක් ලෙසය. ඒ ඉකුත් 22දාය.

අද දහවල්වනවිට WTI වර්ගයේ තෙල් බැරලයක මිල ලෙස සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 66.55කි.

ගතවූ වසරේ WTI වර්ගයේ තෙල් බැරලයක වැඩිම මිල ලෙස සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 76.41කි. ඒ පසුගිය 03දා ය.

ජාත්‍යන්තර වෙළඳ පොලෙහි අනෙකුත් වර්ගයන්හි තෙල් බැරලයක මිලද පහළ ගොස් තිබෙනවා. 

මෙරට ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රය අනුව ඉදිරියේදී මෙරට ඉන්ධන මිලද අඩුවනු ඇති.