Friday, March 29, 2024

General line - 0115112241

පාරමී කෙන්යාවට: මාසිකව රු. 25000 ක දීමනාවක්




යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්තිට කෙන්යාවේ මාස 3 ක පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඇයට එම අවස්ථාව හිමිවන බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ. 

පාරමී වසන්ති ඇගයීමේ උත්සවයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (26) පැවැත්වුණා. එහිදී ඇයට ලැප්ටොප් පරිගණකයක්ද අමාත්‍යවරයා විසින් ප‍්‍රදානය කළා. වසර 6 ක් යනතුරු පාරමී වසන්තිට සහ ඇගේ පුහුණුකරුට රුපියල් 25,000 බැගින් මුදලක් මාසිකව ලබාදීම සදහා කැබිනට් පති‍්‍රකාවක් ද ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා එහිදි පැවසුවේ.