Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකාවේ යුදෙව් දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් : 11 දෙනෙක් මරුට

දිනුක් හේවාවිතාරණ




අමෙරිකාවේ පෙන්සිල්වෙනියා ප්‍රාන්තයේ යුදෙව් දේවස්ථානයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි පුද්ගලයින් 11 දෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 6 දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

යුදෙව් දේවස්ථානයේ පැවති කුඩා දරුවෙකුට නම් තැබීමේ උත්සවයක් අතර වාරයේදී ඒ තුලට කඩා වැදුණු 46 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙක්ම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි ආරක්ෂක අංශ සදහන් කරන්නේ. තුවක්කුකරු මේ වන විට අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර සිටියේ මෙය ඉතා අමානුෂික සිදුවීමක් බවත් අපරාධකරුට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක වනු ඇති බවයි.