Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ඉරණමක්




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර ඊයේ පැවැති (27) පන්දු වාර 20 යි 20 කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පැවැත් වුණා.

ඒ අනුව එංගලන්තයට ලකුණු 30ක ජයක් අත්කර දෙමිත් තරගය නිමාවට පත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. 

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 187ක් රැස්කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් රෝයි පන්දු 36 කදී ලකුණු 69 ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග සහ අපොන්සු කඩුලු 2 බැගින් දවාගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ කඩුලු 10ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 157ක් පමණයි.