Thursday, April 25, 2024

General line - 0115112241

ඉතාලියේ ගංවතුර තත්ත්වයක් : සුප්‍රකට වැනීසිය යටවෙන ලකුණු (PHOTO/VIDEO)

දිනුක් හේවාවිතාරණ




ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඉතාලියේ ඇතැම් ස්ථාන වලට ඇතිවූ හදීසි ගංවතුර තත්ත්වයක් නිසා මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර ඉතාලියේ පිහිටි සුප්‍රකට වැනීසිය නගරයේ ජල මට්ටමද අඩි 5ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම නගරය දුපත් රාශියක එකමුතුවක් වන අතර එහි ගමනා ගමනය සදහා වැඩි වශයෙන් යොදා ගන්නේ ඇළ මාර්ග ඔස්සේ ගමන් කරන බෝට්ටුය. පදිකයින්ගේ ගමනා ගමනය සදහා පමණක් ලී ආධාරයෙන් පදික මංතීරු තනා ඇති අතර මේ වන විට එම මංතීරු ද අඩි 2-3ක් අතර ප්‍රමාණයකින් යටවී ඇත.

වැනිසියේ නගරයේ වාර්ෂිකව පැවැත්වෙන මැරතන් තරගය ඊයේ පවත්වා ඇති අතර ධාවකයින් සුළු ගංවතුර තත්ත්වයද නොසලකා එයට සහභාගිවූ බව වාර්තා වනවා.

ජල මට්ටම මිට වඩා ඉහළ යාමේ අවධානමක් පවතින නිසා වැනසීයේ නගරවාසීන්ට සිය නිවෙස් වලට වී සිටින ලෙස බළධාරින් දැනුම් දී ඇති බව සදහන්.