Saturday, April 20, 2024

General line - 0115112241

පවතින දේශපාලන ව්‍යාකූලතාවයට අධිකරණයට මැදිහත් වීමට ඇත්තේ අවම හැකියාවක්



ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතාව රටට එතරම් හිතකර නොවන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත පෙන්වා දෙනවා. ඔහු ඒ පිළිබඳ කරුණු දැක්වූයේ ඊයේ (31) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි. 

පනතින ව්‍යාකූලතා තවදුරටත් සංකීර්ණ විමට නොදී සරලව විසඳාගත හැකි ක‍්‍රමයක් ද මෙහිදී විස්තර කෙරුණා.

ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති අංශයේ අංශාධිපති නීතීඥ රාජා ගුණරත්න ද මෙම සංවාදයට එක්වුණා. ඔහු පැවසුවේ මෙම දේශපාලන ව්‍යාකූලතාව සම්බන්ධයෙන් මැදිහත් වීමට අධිකරණයට ඇත්තේ අවම හැකියාවක් බවයි. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය පිළිබඳ පරස්පර අදහස් ඉදිරිපත් වෙමින් තිබෙන නිසා ඊට අධිකරණයෙන් විසඳුමක් ලබාගත නොහැකිදැයි යන ප්‍රශ්නයටද නීතිඥ රාජා ගුණරත්න පිළිතුරු දුන්නා.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා ඉකත්දා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (30) ගොනු කෙරුණා. ඒ, නීතිඥ නගානන්ද කොඩිතුවක්කු විසින්.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී නීතිඥ රාජා ගුණරත්න ඊටද ප‍්‍රතිචාර දැක්වූවා. 

(මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)