Friday, April 26, 2024

General line - 0115112241

ශර්මාගෙන් වාර්ථාවක්




ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක්දින කි‍්‍රකට් තරග ඉතිහාසයේ හයේ පහර 200 ක් එල්ල කළ දෙවන පිතිකරු බවට පත්වීමට රෝහිත් ශර්මා සමත් වී තිබෙනවා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවති 5 වන එක්දින කි‍්‍රකට් තරගයේදීයි.

එහිදී රෝහිත් ශර්මා එල්ල කළ හයේ පහර සංඛ්‍යාව 4 ක්. ඒ අනුව ඔහු මේ වනවිට එක්දින තරග 193 කදී එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 202 ක්. එම සටහනේ පෙරමුණේ පසුවන්නේ තරග 329 කදි හය පහර 211 ක් එල්ල කළ මහේන්ද්‍ර සිං දෝනියි.