Saturday, April 20, 2024

General line - 0115112241

අනිද්දා සිට ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් යළි සම්බාධක

දිනුක් හේවාවිතාරණ




ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය මේ වන විට සුදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. නොවැම්බර් මස 05 වෙනිදා සිට මෙම සම්බාධක ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

2015 වසරේදී බරක් ඔබාමාගේ පාළන සමයේදී ඉරානය සමග ඇති කරගනු ලැබූ න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඉවත් කරනු ලැබූ සම්බාධක මේ අනුව යළි පැනවීමටයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත්තේ.

ඉරානයේ බලශක්ති, නාවික සහ බැංකු අංශ ඉලක්ක කර ගනිමින් මෙම සම්බාධක පැනවීමට නියමිත බවයි ධවල මන්දිරය නිවේදනය කරන්නේ.

මේ අතර ඉරානයෙන් තෙල් ආනයනය කරනු ලබන රටවල් 08 ක් සදහා සම්බාධක නොපැමිණ වීමට ඇමෙරිකාව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානය සමග ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාරව යුරෝපා කොමිසමට අයත් වන රටවල් මේ අනුව ඉරානය සමග ගනුදෙනු දිගටම සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.