Thursday, April 25, 2024

General line - 0115112241

විදෙස් ශ්‍රමිකයින්ට ජපානයේ නව රැකියා අවස්ථා: නව පනතක් පාර්ලිමේන්තුවට

දිනුක් හේවාවිතාරණ




ජපානය විදෙස් ශ්‍රමිකයින් සදහා මෙතෙක් පනවා තිබු සංක්‍රමණික නීති රීති ලිහිල් කිරීම සදහා එරට පාර්ලිමේන්තුවේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

මෙම නව සංක්‍රමණික නීති රීති වලට අනුව නව විසා ක්‍රමවේදයන් දෙකක් හදුන්වා දීමට ජපාන රජය තීරණය කර ඇත. එමගින් ජපානය මුහුණ දී සිටින ශ්‍රමිකයින්ගේ හිගය පුරවා ගැනීම සදහා විදේශිකයින්ට තම රටට ඇතුල් වීම සදහා අවස්ථාවන් වැඩිකර දීමට ජපාන රජය බලාපොරොත්තු වේ.

ජපානයේ දැඩි සංක්‍රමණික නීති පවතින රටක් වන අතර ඔවුන්ගේ රටේ සේවය කිරීම සදහා වෙනත් රටවල් කිහිපයකට පමණක් අවස්ථාව මේ දක්වා හිමිවී තිබුනා.

නව රෙගුලාසි බලාත්මක වීමෙන් පසුව විදෙස් ශ්‍රමිකයින්ට ජපානයේ ඉදිකිරීම්, ගොවිතැන් හා සනිපාරක්ෂක කම්කරුවන් සදහා වන රැකියා අවස්ථා විවර කරලීමට හැකියාව ලැබී තිබෙනවා.

පළමු පන්තියේ විසා කාණ්ඩය යටතේ ජපානයේ රැකියාවන් කිරීමේ අවස්ථාව හිමිවන ශ්‍රමිකයින්ට වසර 05ක කාලයක් එරට සේවය කිරීමට ඉඩ ලැබෙන අතර ඔවුන්ට තම පවුලේ සාමාජිකයින්ද ජපානයට රැගෙන යාමේ අවසරය හිමිවනු ඇත. එයට අමතරව නිපුණතා මට්ටම සහ ජපන් භාෂාවේ ප්‍රවීනත්වය මෙහිදී අමතර සුදුසුකම් ලෙස සලකන බවයි ජපාන රජය සදහන් කරන්නේ.

දෙවන විසා කාණ්ඩය සදහා අයත් වන්නේ ඉහළ කුසලතා හිමි ශ්‍රමිකයින්ටය. ඔවුන්ට ජපානයේ ස්ථිර පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාව හිමිවනවා.

මේ වන විට ජපාන පාර්ලිමේන්තුවේ මිට අදාළ කෙටුම්පත සුදානම් කර ඇති අතර ඉදිරියේදී එය අනුමත කිරීමට නියමිතව තිබෙනවා. ජපාන අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ රටේ පවතින ශ්‍රමිකයින් පුරප්පාඩුව විසදලිම සදහා හැකි ඉක්මනින් දක්ෂතාවයන් තිබෙන පුද්ගලයින් බදවා ගැනීමට කටයුතු කළ යුතු බවයි.