Thursday, April 25, 2024

General line - 0115112241

ලොව දෙවන විශාලතම ගුවන්යානය නැවතත් මත්තලට ගොඩබස්වයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN-124 ගුවන්යානය අද (05) පස්වරු  01.50 ට මත්තල ගුවන්තොටුපොළට  ගොඩ බස්වන ලදී .ඒ අනුව මෙම ගුවන් යානය මේ වසරේ පමණක් 08 වතාවක් මත්තල ගුවන් තොටුපළට ගොඩබස්වා තිබෙනවා.

පාකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපොළේ සිට ජකර්තා දක්වා ගමන් ගනිමින් සිටින අතර තුර මෙම ගුවන් යානය අද (05) දින මෙසේ මත්තලට ගොඩ බස්වා ඇත. මෙහිදී මත්තල ගුවන්තොටුපොළ තුල මෙම ගුවන්යානය ගොඩබැස්වීම සදහා ඩොලර් 1568 ක් ද නවතා තැබීම වෙනුවෙන් ඩොලර් 471 ක් හා ශ්‍රී ලන්කන් සේවා කටයුතු වෙනුවෙන් ඩොලර් 3000 ක මුදලක්ද ගුවන් තොටුපොල වෙත ගෙවා තිබෙනවා.

 එමෙන්ම ගුවන්යානයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සදහා රුපියල් මිලියන 9.8කට සරිලන ඉන්ධන ලීටර් 83,586 ක් ලබා තිබේ .එමෙන්ම හෙට (06) වනදා අලුයම 03 ට නැවත මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ ජකර්තා බලා මෙම ගුවන්යානය පිටත්වීමට නියමිත වේ.