Friday, April 19, 2024

General line - 0115112241

රංගනගේ සමුගැනීමත් සමග ක්‍රිකට් වංශකතාවට එක් වූ අලුත්ම සටහන




ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී කඩුලූ සියයක් බිඳහෙලූ දෙවන පන්දු යවන්නා බවට පත්වීමට රංගන හේරත් අද (06) සමත් වුණා. ඒ, එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේදී එංගලන්ත නායක ජෝ රූට් දවා ගනිමින්. 

එමෙන්ම ශ‍්‍රී ලංකා සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමත් සමග ක‍්‍රිකට් වංශ කතාවට අලූත් සටහනක් එක්වනවා. ඒ, 90 දශකයේ ටෙස්ට් ක‍්‍රිකට් වරම් ලැබ 21 වන සියවසේදී ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා අවසන් ක‍්‍රීඩකයා ලෙසයි.

මේ වනවිට 40 වන වියද ඉක්මවා ඇති රංගන හේරත් ගාල්ලේ දී ටෙස්ට් වරම් දිනා ගන්නේ 1999 වසරේ සැප්තැම්බර් 22 වැනිදායි. මේ වනවිට ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ සිටින වයස්ගතම ක‍්‍රීඩකයා වන්නේද ඔහුයි. 

මේ අතර අද තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදෙන එංගලන්තය දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලූ 05ක් දැවී ලකුණු 113ක් රැස්කර ගෙන සිටියා. දිල්රුවන් පෙරේරා සහ සුරංග ලක්මාල් කඩුලූ 02 බැගින් දවා ගත්තා.