Tuesday, April 23, 2024

General line - 0115112241

අමෙරිකාවේ මධ්‍ය වාර මැතිවරණයට සියල්ල සූදානම්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ මධ්‍ය වාර මැතිවරණය මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පාලන කාලයෙන් වසර 02ක් ගෙවි ගිය පසුවයි මෙම මැතිවරණය පැවැත්වෙන්නේ. ඒ අනුව එය ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සඳහා පැවැත්වෙන ජනමතවිචාරණයක් වනු ඇති බවයි පැවසෙන්නේ.

අද (06) පැවැත්වෙන මැතිවරණයෙන් නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ ආසන 435ක් සඳහා මෙන්ම සෙනට් සභාවේ ආසන 100න් 35 ක් සඳහා නියෝජිතයින් පත් කර ගැනීම සිදුවනවා. එසේම ප‍්‍රාන්ත 36ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් තෝරා පත් කර ගැනීම සිදුවන්නේද අද පැවැත්වෙන මෙම මැතිවරණය හරහායි.