Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රංශ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් හෙළි වෙයි - කාන්තාවක් ඇතුළු 06ක් කොටු

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ඝාතන කුමන්ත‍්‍රණයක් හෙළිදරව් වී තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ ඊට සම්බන්ධ පුද්ගලයින් 06දෙනෙකු ප‍්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු සහ කාන්තාවක් ද වන බව සඳහන්. එහෙත්, පරික්ෂණ කටයුතුවලට බාධා එල්ල වන බැවින් ඔවුන් කිසිවෙකුගේ අනන්‍යතාව මෙතෙක් හෙළි කිරීමට ප‍්‍රංශ බලධාරීන් කටයුතු  කර නැහැ.

එසේම අදාළ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධ කිසිඳු වැඩිදුර තොරතුරක් හෝ ප‍්‍රංශය, මාධ්‍යයට නිකුත් කර නොමැති බවයි පැවසෙන්නේ. 

කෙසේවෙතත් ප‍්‍රංශයේ සාපරාධී ත‍්‍රස්ත මර්ධන සංවිධානය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මීට පෙර අවස්ථාවකදී ද ජනාධිපති මැක්රන් ඝාතනය කිරීමට උත්සහ දැරූ බවට එල්ල වූ චෝදනා මත 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනුණා.