Friday, April 26, 2024

General line - 0115112241

ගුවන් තොටේ විදුලිය නැති අතරේ බේරුවල වෙළෙන්දෙක් කරන්න ගිය හොර වැඩේ

ටී කේ ජී කපිල - කටුනායක




මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (07) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවා. මොහු 43 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .

ඔහු අද දහවල් 12.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 318 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු සිය ගමන් මල්ලේ මෙන්ම, සිය සිරුරේ ගුද මාර්ගයේ ද පසිංගල්, පච්ච, නිල් මැණික් , දියමන්ති , මරකත සහ පුෂ්පරාග යන වර්ග වලට අයත් රුපියල් 15,46,510 ක් වටිනා , කැරට් 298 ක් පමණ බර මෙම මැණික් තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. ශ්‍

රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න ගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ. කරුණාරත්න ගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කනිෂ්ක ද සේරම් , එන්.පී.අලහප්පෙරුම , රේගු අධිකාරීවරුන් වන එච්.එස්.සුමනසේකර, එම්.විමලසේන, සහකාර රේගු අධිකාරීවරුන් වන උවිදු පෙරේරා, යූ.ජී.එස්.උදයංග, ආර්.එම්.ඒ. එල්.රත්නායක, ඒ.වී.පී.නාලක, එම්.අයි.යූෂුප් , එම්.ඩී.පී.ටී.මදනායක, එම්.ජී.ටී.පබසර, එම්.එම්.එස්.පී.බී. මල්ලව සහ එම්.ටී.අයි.උමයංගනී යන නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විදුලිය විසන්දිවීමක්ද අද දහවල් වාර්තා වුණා.