Friday, April 19, 2024

General line - 0115112241

ජාත්‍යන්තර පිළිගැනීම දුර්වල කර නොගන්න: අමෙරීකාව ශ්‍රී ලංකාවට දන්වයි

දිනුක් හේවාවිතාරණ




දේශපාලන අර්බූදය විසදනු පිනිස වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යළිත් වරක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නුරට් විසින් සිය නිළ ට්විටර් ගිණුම හරහා මෙම ඉල්ලීම සිදුකර ඇත.

පාර්ලිමේන්තුව යළි කැඳවීම ප්‍රමාද වීම හරහා රටේ අස්ථාවරභාවය දිගින් දිගටම ඇතිවන බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම දුර්වල වන බව ඇය මෙම පණිවිඩය මගින් පෙන්වා දී තිබෙනවා. 

එමෙන්ම මෙම කරුණු නිසා ශ්‍රී ලංකාවේ ජනතාව තුළ යහපාලනය සම්බන්ධයෙන් වන පිළිගනිම බිඳ වැටෙනු ඇති බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව සිය පණිවිඩය මගින් වැඩිදුරටත් සදහන් කර ඇත.

මේ පිළිබදව අදහස් දක්වන විද්වතුන් පවසන්නේ මෙය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත් පාර්ලිමේන්තුව කල් තැබිමේ නිතිමය බලයක් ජනාධිපතිවරයාට ඇති බවයී.