Friday, April 26, 2024

General line - 0115112241

"කථානායකවරයා ගත් තීරණය ඒකාධිපති හැසිරීමක්" - බන්දුල



ස්ථාවර නියෝග අත්හිටුවා, ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබද බහුතර මතය ප‍්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවේදී අවස්ථාවක් ලබාදීමට කථානායකවරයා ගත් තීරණය ඒකාධිපති හැසිරීමක් බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (07) රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී කළ ප‍්‍රශ්න කිරීමකදීයි.

ආණ්ඩුවට බහුතරය පිළිබද ප‍්‍රශ්නයක් නොමැති බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා.

ඊයේ රාත්‍රියේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.