Tuesday, March 19, 2024

General line - 0115112241

විදැස නවතම අධ්‍යාපනික නාලිකාව සාර්ථකව විකාශය වෙයි




නැණ ගුණ සපිරුණු අනාගත ශ්‍රී ලංකාවක් උදෙසා ශ්‍රී ලංකා ටෙලිකොම් PEO TV විසින් හඳුන්වාදෙන නවතම අධ්‍යාපනික නාලිකාව “විදැස” නමින් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ බණ්ඩාරනායක විදුහලේදී සිසු අයිතියට පත්කෙරුණා. 

විදැස නාලිකාව PEO TV විසින් හඳුන්වාදුන් නවතම අධ්‍යාපනික ව්‍යාපෘතිය වන අතර මේ තුළින් 6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා එක් ශ්‍රේණියකට එක් නාලිකාව බැගින් නාලිකා 6 ක් හඳුන්වාදී තිබෙනවා. 

මෙම නාලිකා පිළිවෙලින් විදැස 6, විදැස 7, විදැස 8 ආදී වශයෙන් විදැස 11 දක්වා පවතිනවා.

PEO TV නාලිකා ගොනුවේ විදැස නාලික ගොන්න ආරම්භ වන්නේ නාලිකා අංක 206 න්. අනතුරුව නාලිකා අංක 207, 208 ආදී වශයෙන් නාලිකා අංක 211 දක්වා විදැස නාලිකා පෙලගස්වා තිබෙනවා. 

විදැස අධ්‍යාපනික නාලිකාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ධර්මවාහිනී පදනම සම්පත් දායකත්වය සපයනවා ඇති. මේ අනුව විදැස සියලුම නාලිකාවල විෂය කරුණු උගන්වනුයේ රජයේ පාසල් ගුරුවරුන් විසින්. එසේම පාසල් විෂය නිර්දේශයට සමගාමීව විදැස නාලිකා සියල්ලම විකාශනය කරනවා ඇති. පාසලෙන් පසු සිසු දරුවන්ට සිය නිවසේදී වුව නිදහසේ තමන්ට හැකි ලෙසින් සිය අධයාපන කටයුතු දිගටම කරගෙන යාමේ හැකියාව මේ අනුව සිසු දරුවන්ට ලැබෙනවා. 

තවද PEO TV හඳුන්වාදෙන විදැස අධ්‍යාපනික ව්‍යාපෘතිය හේතුවෙන් දෙමාපියන්ටද හිමිවන්නේ විශාල සහනයක්. අනාගත ඩිජිටල් අධ්‍යාපනික ලෝකයක වර්තමාන පළමු පියවර වන විදැස අධ්‍යාපන නාලිකා සමූහය ඩිජිටල් ඉස්කෝලය නමින්ද හඳුන්වනවා ඇති. 

PEO TV යනු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර මේ වන විට දෙස්  විදෙස් නාලිකා 140 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලාංකේය රූපවාහිනි ප්‍රේක්ෂකයා වෙත ලබාදෙනු ඇති.

>