Thursday, March 28, 2024

General line - 0115112241

පාසල්වල වහලයන්හි ගෑවී නොගෑවී ගමන් ගන්නා හොලිකොප්ටරයක් නිසා පුත්තලමේ ජනතාව නොසන්සුන්

ජූඩ් සමන්ත




දින කීපයක් තිස්සේ මාරවිල,මහවැව,වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල සැරිසරණ හෙලිකොප්ටර් යානයක් හේතුවෙන් එම ජනතාව භීතියට පත්ව ඇත. පෙරවරු 9.00 - 10.00 ත් අතර කාලය තුළ පැමිණෙන මෙම හෙලිකොප්ටර් යානය ඉතාමත්ම පහළින් පියාසර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කීපයක දරුවන්ද කලබලය පත්ව ඇත. 07 වෙනිදා වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යා ලයට සමීපවද, 08 වැනිදා මහවැව මහා විද්‍යාලයට සමීපයෙන්ම මෙම හෙලිකොප්ටර් යානය ගමන් කර ඇත.

තම පාසලයේ වහළයට ආසන්නයෙන් ගමන් කරන හෙලිකොප්ටර් යානය දැක මහවැව මහා විද්‍යාලයේ ඉගෙණුම ලබමින් සිටි දරුවන් කලබලයට පත්ව ඇත. පසුව එම දරුවන්ගේ මව්පියන් විසින් මේ බව මාරවිල පොලීසියට දැණුම් දීමටද කටයුතු කර ඇත.

ගමන් කර ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක්ද,එසේත් නැත්නම් පුද්ගලික ආයතනයකට අයත් එකක්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.