Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති සමග එක්ව වැඩකරන්න කැමතියි; හිටපු අගමැතිගෙන් ප්‍රකාශයක්

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවස්ථාව ලබා දුන්නොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එකතුවි වැඩ කටයුතු කිරීමට සූදානම් බව බලයෙන් ඉවත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටිනවා. 


සිය බලය තහවුරු කර ගැනිමේ අරගලයකට මැදි වී සිටින හිටපු අගමැතිවරයා තමන් තවමත් රටේ  නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා යන අයිතිවාසිකම සනාථ කිරීම සදහා මේ වන විට දැඩි සටනක නියැලී සිටිනවා. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් නම් කළ අතර ඉන් පසු පළමුව නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමත් සමඟ මෙම බල අරගලය ඇතිවිය. 


ජනාධිපතිවරයා මේ සතියේ පැවැති ප්‍රසිද්ධ මහජන රැලියකදී පෞද්ගලික කරුණු කිහිපයක් උලුප්පා දක්වමින් දක්වමින් හිටපු අගමැතිවරයාට එරෙහිව සිදුකළ ප්‍රකාශයන්  සමඟ ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා අතර පැවති සබඳතාවයන්හී දැඩි පළුදු විමක් දක්නට විය. 

ඉදිරියේදී ජනාධිපතිවරයා සමග වැඩ කිරිමට කැමතිද යන්න පිළිබදව මෙහිදි "ද හින්දු" පුවත්පතේ මාධ්‍යව්වේදිනිය හිටපු අගමැතිවරයා වෙත යොමු කළ ප්‍රශ්නයට ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

"මට ජනාධිපතිවරයා සමඟ වැඩ කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එය ඔබ ජනාධිපතිගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. පෞද්ගලික පූර්ව නිගමන සහ විනිශ්චය කිරීම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන වෙන් කර නැතැයි" හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර සිටියා.