Friday, March 29, 2024

General line - 0115112241

නව ඇමතිවරු වැඩ බාර ගනී - ඉන්ධන මිල සූත්‍රය අහෝසියි

කසුන් කැලුම්/පසන් වික්‍රමතිලක




නව රජයේ අමාත්‍ය ධූරවල දිව්රුම් දුන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද සිය ධූරවල රාජකාරී ආරම්භ කළා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් ද අද රාජකාරි ආරම්භ කළේ සිය අමාත්‍යාංශයේදීයි. 

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් පවිත‍්‍රා වන්නිආරච්චි ද අද රාජකාරි ආරම්භ කළා. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ඉකුත් රජය කි‍්‍රයාත්මක කළ මිල සූත‍්‍රය මින් ඉදිරියට කි‍්‍රයාත්මක නොවන බවයි.