Saturday, April 20, 2024

General line - 0115112241

යුධ නැවක් තෙල් නැවක ගැටෙයි (Video)

දිනුක් හේවාවිතාරණ




නොර්වේ නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නැවක ගැටිමෙන් පුද්ගලයින් 08 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

KNM Helge Ingstad නමින් හදුන්වන නොර්වේ නාවික හමුදාවට අයත් යුධ නෞකාව ඉකුත් දා පැවති නේටෝ හමුදා පුහුණු සැසියට සහභාගිවි යළි සිය රට බලා එමින් සිටියා.

මේම යුධ නෞකාව බර්ගන් හී පිහිටි හෙල්ටෙෆොඩ් මුහුදු සිමාව ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු "Sola TS" නෞකාවේ ගැටි තිබෙනවා. 

මෙම නෞකා දෙක ගැටිම නිසා පුද්ගලයින් 08 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. කෙසේ වුවත් මෙම අනතුර නිසා නෞකාවේ ටැංකි වල තිබු ඉන්ධන කාන්දුවිමක් සිදුවි නැහැ.

සිද්ධියෙන් යුධ නෞකාවට බරපතළ හානි සිදුව ඇති අතර එහි සිටි නාවීක භටයින් 137 දෙනෙකු වහා ඉන් ඉවත් කර ගැනිමට කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නෞකාවේ කාර්ය මණ්ඩලයද ඉන් ඉවත් කර ඇති අතර මෙම අනතුරට හේතුව කුමක්ද යන්න ගැන විමර්ෂණ සිදුකෙරමින් පවතිනවා.