Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලනිපයට නව දේශපාලන මණ්ඩලයක්

කසුන් කැලුම්/පසන් වික්‍රමතිලක




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට ඉහළින් නව දේශපාලන මණ්ඩලයක් පිහිටුවීමට එම පක්‍ෂයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ රැස් වූ එම පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදීයි. මෙම රැස්වීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් ප‍්‍රශ්න කළා. 

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයින් මෙම රැස්වීමට සහභාගි නොවූයේ මන්දැයි මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍ය  ලක්‍ෂ්මන් සෙනෙවිරත්නගෙන් ප‍්‍රශ්න කළා.

මෙහිදි පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.