Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රීඩකයින්ට අමාත්‍යංශයෙන් කෑමත් නෑ දීමනාත් නෑ

කසුන් කැලුම්




ටොරින්ටන්හි පිහිටි කී‍්‍රඩා නේවාසිකාගාරයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නොමිලේ ලබාදුන් ආහාරවේල අත්හිටුවීමට කී‍්‍රඩා අමාත්‍යාංශය තීරණය කර ඇතැයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වනවා. මළල කී‍්‍රඩාවද ඇතුළුව සෙසු කී‍්‍රඩාවල නිරත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පුහුණුවීම් සඳහා පැමිණෙන්නේ මෙම නේවාසිකාගාරයේ සිටයි. ඉකුත් වසර කිහිපයේදීම ඔවුන් සඳහා ආහාර වේල් ලබා දීම අඛණ්ඩව සිදු කෙරුණා. 

කෙසේවෙතත් ඉකුත් අගෝස්තු මස සිට කී‍්‍රඩා නේවාසිකාගාරය වසා දැමීමට කී‍්‍රඩා අමාත්‍යාංශයේ බලධාරීන් කටයුතු කර ඇති අතර නැවත එය විවෘත කළ පසු ආහාර ලබා නොදීමටද තීරණය කර ඇති බවයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වන්නේ. කි‍්‍රඩා බලධාරීන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලබා දෙන පෝෂණ දීමනාව සහ ආහාරපාන යළි ලබා දීමට තීරණය කර ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන තේරීම් තරගවලින් පසුව බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර ලබන අපේ‍්‍රල් මස ආසියානු ශූරතා මළල කී‍්‍රඩා තරගාවලිය සහ ලෝක ශුරතා මළල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඒ සඳහා ශී‍්‍ර ලංකා මළල කී‍්‍රඩා සංගමය විසින් නම් කළ ජාතික සංචිතයටද මේ දක්වා කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතියද හිමිව නැහැ.