Friday, April 26, 2024

General line - 0115112241

මාකඳුරේ මදූෂ් ගැන ෆොන්සේකා කළ ප්‍රකාශය ගැන CIDය පරීක්ෂණයක් කරන්න

වසන්ත චන්ද්‍රපාල - අම්පාර




පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මදූෂ් නමැත්තා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉකුත්දා කළ ප‍්‍රකාශය පිළිබද පරීක්‍ෂණයක් සිදු කරන්නැයි දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා. රුපියල් මිලියන 3,000 ක් ගෙවා මාකඳුරේ මදූෂ්ගෙන් තමන් ඝාතනය කරන බවට හඩ පටයක් ලබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවටයි හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉකුත්දා සඳහන් කර තිබුණේ. මෙම ප‍්‍රකාශයට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

මෙවන් ප‍්‍රකාශ සිදුකරන හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා තවදුරටත් ෆීල්ඞ්  මාර්ෂල් ධුරයේ කටයුතු කිරීම සුදුසු නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.