Friday, March 29, 2024

General line - 0115112241

විදෙස් මුදල් පන්නන්න හැදූ ව්‍යාපාරිකයෙක් කොටුවේ

ටී කේ ජී කපිල - කටුනායක




විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධිව දිවයිනෙන් බැහැරට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අද (09) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු රුපියල් එක් කෝටි නව ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් විදෙස් මුදල් තොගයක් මෙලෙස රැගෙන යාමට තැත් කළ බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ.

සැකකරුගේ ගමන් මල්ලේ තිබී යුරෝ පනස් දහසක්, අමෙරිකානු ඩොලර් පන්දහසක් සහ සිංගප්පූරු ඩොලර් 149 ක් සොයා ගැණුනා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි මීගමුව ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. සැකකරුට රුපියල් ලක්‍ෂයක දඩ මුදලක් නියම කිරීමෙන් පසු අදාළ විදෙස් මුදල් තොගය රාජසන්තක කර තිබෙනවා.