Friday, March 29, 2024

General line - 0115112241

විමල් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දෙයි




නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ අද (09) පෙරවරුවේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. ඉකුත් රජයේ නිවාස අමාත්‍ය ධුරයේ කටයුතු කළේ සජිත් පේ‍්‍රමදාසයි. විමල් වීරවංශ අමාත්‍යවරයා මීට පෙරද මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

විමල් වීරවංශ අමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දිමත් සමග නව රජයේ මේ දක්වා දිවුරුම් දි ඇති කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 22 ක්. රාජ්‍ය අමාත්‍යවරුන් 15 දෙනෙකුද මේ වනවිට දිවුරුම් දී තිබෙනවා. මේ දක්වා දිවුරුම් දී ඇති නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 8 ක්.