Monday, February 18, 2019
Hotline - 0770586666

ජනපති සමග වැඩ කරන්න කැමතියි කියූ රනිල්ට ශ්‍රී ලනිපය දෙන පිළිතුර මෙන්න

කසුන් කැලුම්/පසන් වික්‍රමතිලක

4406Views
×
 
 

 

 

 

ජනාධිපතිවරයා සමග යළි එක්ව කටයුතු කිරීමට සූදානම් බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළද මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ඊට එකඟ නොවන බව දැනටමත් ප‍්‍රකාශ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න පවසනවා

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවස්ථාව ලබා දුනහොත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්වී කටයුතු කිරීමට සූදානම් බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබුණේ ”ද හින්දු” පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.