Thursday, March 28, 2024

General line - 0115112241

යුරෝපා සංගමයේ නිවේදනයට ආණ්ඩුව ප්‍රතිචාර දක්වයි

කසුන් කැලුම්/පසන් වික්‍රමතිලක




ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ව්‍යවස්ථාවට අනුව යුරෝපා සංගමයට කිසිදු හැකියාවක් නොමැති බව රජයේ සම කැබිනට් ප‍්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනය පිළිබද අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

යුරෝපා සංගමය සිදුකරන මෙම කි‍්‍රයාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි සම කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.

යුරෝපා සංගමය නිකුත් මෙම නිවේදනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාරද අදහස් පළ කළා.