Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපතිට එරෙහි දෝෂාභියෝගයට අපේ සහය නැහැ- මනෝ ගනේෂන් කියයි

දිනුක් හේවාවිතාරණ




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබුවහොත් එයට සහය පළ නොකිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රකාශ කරනවා. 

එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් තබමින් කියා සිටින්නේ වගකීමක් ඇති දේශපාලන පක්ෂයක් ලෙස වත්මන් දේශපාලන අර්බුධයට වැඩි කිරීමට කටයුතු කිරීමට නොව එය අවම කිරීම බවයි.